27 C
Colombo
Thursday, May 2, 2024

නියගය නිසා වගා හානි 60,000 ඉක්මවලා

- Advertisement -

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

මේ අතර, පවතින වියළි කාලගුණය හමුවේ ඇතිවිය හැකි විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වෛද්‍යවරුන් පවසන්නේ, විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග වෙනදාට වඩා පානය කරන ලෙසයි.

සිරුරට දැනෙන උණුසුම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවට වාර්තා වෙනවා.

මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා වැව් බොහෝමයක් සිඳිගොස් තිබෙනවා.

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් රත්නපුර රංවල ඕලු වැව සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, රංවල, උඩ රංවල, ගොඩකවෙල, ඕපනායක සහ බිබිලේගම යන ගම්මානවල තේ, පුවක් සහ එළවළු වගා සියල්ල විනාශ වී ඇති බවටයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර, අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ වට්ටක්කා අක්කර දහසක් පමණ විනාශ වෙමින් පවතින්නේ මෙලෙසින්.

ගොවීන් පවසන්නේ, මේ වන විට ප්‍රදේශයේ කුඩා වැව් සහ වගා ළිං සිඳීයාම නිසා වගාවට ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

මේ අතර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මින්නේරිය රොටවැව කදුරුගස්වැව සිඳීයාමෙන් ගොවි පවුල් 30ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.

කඳුරුගස්වැවෙන් අස්වද්දන කුඹුරු අක්කර 50ක් පමණ බලපෑමට ලක්ව ඇති අතර, ජල අවශ්‍යතා සහ තෘණ සපයාගත නොහැකි වීමෙන් ප්‍රදේශයේ කිරි ගව පාලනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, අද වනවිට වී වගා කරන ලද අක්කර 54,408කට හානි වී ඇති බවයි.

සෙසු බෝග හානි සිදුවූ භූමි ප්‍රමාණය අක්කර 344ක්.

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවතිනවා.

මොරගහකන්ද ජලාශයද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජලාශයට යටවී තිබු බොහෝ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ.

අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසව්නවා.

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවටයි වර්තා වන්නේ.

අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන සදහන් කරන්නේ සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...