29 C
Colombo
Saturday, May 4, 2024

ස්පාඤ්ඤයේ පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ලිංගික අතවර චෝදනා

- Advertisement -

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ ජ්‍යෙෂ්ඨ පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන කොන්සල් ජනරාල්වරයෙකු ලිංගික අතවර චෝදනා මත සේවයෙන් පහ කර ඇති බව වාර්තා වේ.

පාකිස්තානයේ ද නේෂන් පුවත්පත වාර්තා කළේ කොන්සල් කාර්යාලයේ ප්‍රාදේශීය කාර්ය මණ්ඩල සමාජිකාවක් මේ මස මුලදී රාජ්‍ය තාන්ත්‍රික මිර්සා සල්මාන් බේග්ට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයාව විසින් මැඩ්රිඩ් හි පාකිස්තාන තානාපති ෂුජාත් රතෝර් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, පසුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා ඉස්ලාමාබාද්හි විදේශ කාර්යාලයට යොමු කර තිබේ.

විදේශ අමාත්‍යාංශය විසින් මෙම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බාර්සිලෝනා සහ මැඩ්රිඩ් වෙත යවා ඇති බව පැවසේ.

ඒ අනුව විමර්ශනයට අදාලව එහි පදනම මත විදේශ කාර්යාලය එම නිලධාරියා ඔහුගේ තනතුරෙන් ඉවත් කර ඉස්ලාමාබාද්හි මූලස්ථානයට නැවත කැඳවා තිබේ.

පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ජනරාල්වරයා සමාජ මාධ්‍ය හරහා තමාට පණිවිඩ යැවීමට පුරුදු වූ බවත්, එය හිරිහැරයක් දක්වා වර්ධනය වූ බවත්ය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...