ගුරු වැටුප් ගැටලුවට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලා දිවයින පුරා දෙමාපියන් අද (03) ස්ථාන රැසකදී විරෝධතාවයේ නිරත වුණා.
ඒ අනුව ඇඹිලිපිටිය, බලංගොඩ, මහනුවර, කෑගල්ල ඇතුළු නගර රැසක මෙම විරෝධතා දක්නට ලැබුණා.
විරෝධතාවයේ නිරත දෙමාපියන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම වැටුප් අර්බුදය විසඳා සාමාන්‍ය පරිදි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට ඉඩ සලසා දෙන ලෙසයි.
ඉගැන්වීමේ කටයුතු සඳහා යළි පාසැල් ආරම්භ කෙරුණද සිය වැටුප් ගැටළුවට විසඳුම් ලබාදෙනතෙක් ගුරුවරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.