21 C
Colombo
Monday, February 10, 2025

අපි ටැබ් දෙද්දි ළමයි වඳ වෙනවා කියපු අය අද ඔන්ලයින් උගන්නගන්න බැරුව ඉන්නවා

- Advertisement -

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ හඳුන්වා දුන් මාර්ග ගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වනවිට මතුව තිබෙන බරපතල ගැටළුසහගත තත්ත්වය ගැන අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමුකළේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රේමදාස මහතා මෙම මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධ ගැටළු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී ප්‍රශ්න නැගූ විපක්ෂනායකවරයා,

”රජය මේ වන විට මාර්ගගත අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට තිබේද? මාර්ගගත අධ්‍යපනය සඳහා සිසු දරුවන්ගේ ප්‍රවේශය පිළිබඳ අධ්‍යයනයක් අමාත්‍යාංශය විසින් කර තිබේද? පාසල් සිසුන්ගෙන් කොපමණ ප්‍රතිශතයකට මාර්ග ගත අධ්‍යාපනය අද දවසේ බාධාවකින් තොර ප්‍රවේශයක් වී තිබේද? කවදා වන විට සියලුම සිසුන් හට එම ප්‍රවේශය තහවුරු කළ හැකිද? පාසල් සිසුන් කොපමණ ප්‍රතිශයකට මාර්ගගත අධ්‍යාපනය සඳහා දත්ත සහ උපකරණ ලබාදී තිබේද? නොමිලේ නොවේ නම් එම සහනදායී ක්‍රමය කුමක්ද?

පාසල් ගුරුවරුන් ස්වෙච්ජාවෙන් කරන මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම්, මාර්ගෝපදේශ හා පුහුණුව සැපයේද? මේ වන විට කොපමණ පාසල් ගුරුවරු ප්‍රමාණයක් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය භාවිතා කරන්නේද? අන්තර්ජාල ආවරණය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? මේ වන විට කොපමණ සිසුන් ප්‍රමාණයක් ආවරණය කරගැනීමට නොහැකි වී තිබේද?”

මීට ලද පිළිතුරුවලින් සෑහීමකට පත් විය නොහැකි බවට විපක්ෂනායකවරයා කළ අදහස් දැක්වීම පහතින්

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES