29 C
Colombo
Saturday, May 4, 2024

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

- Advertisement -

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන “ඔස්මන්” නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන් විසින් අවුරුදු උත්සවයකදී ඔස්මන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබූ බවයි.

ඒ අනුව, ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවිය හා රිවෝල්වරයක් සමඟ පෑලියගොඩ  අපරාධ කොට්ඨාශය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙනිය  ප්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙක් සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (30)  හැවිරිදි තරුණයෙක්.

පොලිසිය පවසන්නේ දැනට ඩුබායිහි සැඟව සිටින කෙහෙල්බද්දර පත්මේ සහ ඔහුගේ ගෝලයකු වන අවිශ්ක  නැමැත්තන් විසින් මෙම ඝාතන සැලසුම සංවිධානය කර ඇති බවයි.

මෙම ඝාතනය සැලසුම සඳහා යොදා ගෙන තිබූ සුඛෝපභෝගී රථයක් ගම්පහ නගරයේ පුද්ගලික රෝහලක රථ ගාලක නවතා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ ට ගම්පහ නගරයේ බලය ඇල්ලීම සඳහා බාධාවක් වී ඇති ඔස්මන් නමැත්තා ඝාතන කිරිමෙ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරුකට අනුව මෙම තොරතුරු හෙළි කර ගෙන ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...