විදේශයන්හි විදේශ දූත මණ්ඩල ගණනාවක් කප්පාදු කිරීමට සහ ඔවුන්ගේ කාර්යාල, කාර්ය මණ්ඩලය සහ වියදම් සියයට 15 කින් කපා හැරීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් හොඳින් සලකා බැලූ යෝජනාවක් හා සැලැස්මක් සති දෙකක් ඇතුළත අගමැති කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා සඳහන් කරයි.
පවතින ආර්ථික ගැටළු සහ එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ බාහිර හිඟය පාලනය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ජාතික කප්පාදු කමිටුවක් (NAC) පිහිටුවීමටද අගමැතිවරයා කටයුතු කර ඇත.
ඒ අනුව විදේශයන්හි පාකිස්ථාන දූත මණ්ඩල සඳහා වන වියදම් සියයට 15 කින් අඩු කළ හැකි බව කමිටුව නිර්දේශ කර තිබේ.
විදේශ දූත මණ්ඩල සංඛ්‍යාව සීමා කිරීම, එහි සේවයේ යොදවා ඇති නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කිරීම සහ වෙනත් සුදුසු ක්‍රියාමාර්ග මගින් බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග සාක්ෂාත් කරගත හැකි බවයි එම කමිටුව නිකුත් කල නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ.