පොලිස් මූලස්ථානය පිහිටි කොළඹ කොටුවේ ඉඩමෙන් එම ගොඩනැගිල්ල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දැනට දැනට වසර 100 කට වඩා පැරණි කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිලි තුනක පවත්වාගෙන යනු ලබන පොලිස් මූලස්ථාන සංකීර්ණය බෙල්ලන්තොට ප්‍රදේශයට රැගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව බෙල්ලන්තොට හංදිය ආසන්නයේ පිහිටි අක්කර 14ක භූමි භාගයක නව පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඉහළ වාණිජ වටිනාකමක් සහිත කොළඹ කොටුවේ දැනට පවතින පොලිස් මූලස්ථාන ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කුමක්දැයි ආණ්ඩුව පාර්ශවයෙන් පැහැදිලි කිරීමක් කර නැහැ.
මීට පෙර වැලිකඩ බන්ධනාගාරයද එම ස්ථානයෙන් ඉවත් කර එම ඉඩම ආයෝජකයන් සඳහා බදුදීමට තීරණය කර තිබුණා.