ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් බාරයේ දී මියගිය ආර්. රාජකුමාරිගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද(01) නියෝග කළා.
සැරයන්වරයා ඔහුගේ හිඟුරක්ගොඩ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු කොස්තාපල්වරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මීට පෙර ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුද ලබන මස 11 වනදා රක්ෂිත බන්ධනාගාරගත කළා.