34 C
Colombo
Friday, May 3, 2024

ජනප්‍රිය රංගන ශිල්පියෙක්ට ගුටි වරුසාවක්

- Advertisement -

සාදයකට සහභාගී වී එමින් සිටි ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් යතුරු පැදියක ගැටී කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසනවා.

ඊයේ (04) පස්වරුවේ සිදුවූ අනතුරින් රෝහල් ගතකර ඇත්තේ කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බව‍යි පොලිසිය පවසන්නේ.

අදාල ප්‍රසිද්ධ රංගන ශිල්පියා තවත් මිතුරන් සිව්දෙනෙකු සමග සාදයකට සහභාගි වී මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී, මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීම හේතුවෙන් ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවී ඇතැයි පැවසෙනවා.

රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරුව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

බීමත්ව සිටී පිරිස සමග ප්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතිව ඇති බවත්, එය පසුව පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බවත් පැවසෙන අතර උණුසුම් වචන පාවිච්චි කළ අදාල ප්‍රවීන රංගන ශිල්පීයා බරපතල ලෙස ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව ඇතැයිද පැවසේ.


RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...