මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම දීර්ඝ කර තිබෙනවා.
බැඳුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර අවසන් වරට තහනම් කර තිබූ මාස හයක කාලය අද(05) නිමාවට පත්වුණා.
ඒ අනුව තවත් මාස 6ක කාලයක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තහනම දීර්ඝ කර තිබෙන අතර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.