32 C
Colombo
Sunday, May 5, 2024

සජබෙන් විරෝධතා සතියක්..!

- Advertisement -

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.

ඒ අනුව ලබන සඳුදා දින උදෑසන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එම සතියේ පැවැත්වෙන විරෝධතා ගැන ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා සිටියේ.

වත්මන් ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට සිය ධූරයන්ගෙන් ඉවත් වන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම එහි අරමුණ බව සේනාරත්න පවසනවා.

එම විරෝධතාවන්ට සෙසු පක්ෂවලටත් ආරාධනා කිරීමට නියමිතයි.

2019 යහපාලන ආණ්ඩුව විසින් රට යළි බැහැර දෙන විට මෙවැනි ආර්ථික තත්ත්වයක් රට තුළ නොපැවති බවත් වත්මන් ජනධිපතිවරයා බලයේ සිටින තාක්කල් මෙරටට ලෝක ආධාර හිමි නොවන බවත් හෙතෙම සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...