25 C
Colombo
Sunday, May 19, 2024

පකිස්තානයේ හමුදා ප්‍රධානීන්ගේ නිවෙස ඉදිරිපි‍ට විරෝධතා

- Advertisement -

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසිරාබාද්හි එල්ල වූ වෙඩි තැබීමෙන් පැය කිහිපයකට පසු, කයිබර්පක්තුන්ක්වා හි පෙෂාවර් හි හමුදා ප්‍රධානියාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව විරෝධතා පැවැත්වූ බව පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) නිකුත් කල වීඩියෝවක දැක්වේ.

මේ අතර පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කළේ පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කල හමුදා ප්‍රධානියා පත් කිරීම පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රඥප්තිය සහ ආර්ථික ප්‍රඥප්තිය පිළිබඳව සාකච්ඡා කිරීමට එකග වූ බවත් ය.

ෂරීෆ් පැවසුවේ ඉම්රාන් ඛාන් තමාට ගැටළු දෙකක් ඉදිරිපත් කල බවත් එහි පළමු කාරණය හමුදා ප්‍රධානියා පත් කිරීම සහ දෙවැන්න කලින් මැතිවරණ පැවැත්වීම බවයි.

ඔහු පැවසුවේ නම් තුනක් ලබා දෙන ලෙස ඉම්රාන් යෝජනා කර ඇති අතර ඔහුද හමුදා ප්‍රධානියා තනතුර සඳහා නම් තුනක් ලබා දෙන බවයි.

පසුව එම නම් හය දෙනාගෙන් නව ප්‍රධානියා පත් කිරීම පිළිබඳව තීරණය කරන බව පාකිස්තාන අගමැති උපුටා දක්වමින් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර ඇත.

ලැයිස්තු දෙකේම පොදු නමක් තිබේ නම් තමන් ඊට එකඟ වෙන බව ෂරීෆ් එහිදී පැවසු බව මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත්, තමන් ඉම්රාන් ඛාන්ගේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ බවත් ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රඥප්තිය සහ ආර්ථික ප්‍රඥප්තිය ගැන සාකච්ඡා කිරීමට ඉම්රාන් ඛාන්ට අවස්ථාව දුන් බවත් ඔහු පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...