පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දීර්ඝ විරෝධතා පා ගමනේ ප්‍රධාන අරමුණ රජය මීළඟ හමුදා ප්‍රධානියා පත් කිරීම නැවැත්වීම බව පාකිස්තාන පාලක සභාගයේ පාර්ශවකරුවකු වන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) හි උප සභාපති මාරියම් නවාස් පවසයි.
පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ප්‍රධානී ඉම්රාන් ඛාන් තවදුරටත් පාකිස්ථාන දේශපාලනයේ කොටස්කරුවෙකු නොවන බව පවසන ඇය බෙදීම් සහ වෛරය හේතුවෙන් ඔහු අසාර්ථක වනු ඇති බව සඳහන් කර ඇති බව Geo පුවත් වාර්තා කළේය.
මාසයකට පමණ පෙර ලන්ඩනයට පැමිණීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවක් අමතමින් නවාස් කියා සිටියේ PTI හි සැබෑ න්‍යාය පත්‍රය හෙලිදරව් කිරීමට තමන් කටයුතු කරන බවයි.
ඉස්ලාමාබාද් දෙසට දීර්ඝ පා ගමනක් සංවිධානය කර ඇත්තේ ජාතිය වෙනුවෙන් නොවන බවත් එහි අරමුණ වත්මන් රජය මීළඟ හමුදා ප්‍රධානියා පත් කිරීම නැවැත්වීම බවත් ඇය සදහන් කළාය.
ඇය පැවසුවේ හමුදා ප්‍රධානියා පත් කිරීම නිවැරැදිව, ව්‍යවස්ථානුකූලව සහ නීත්‍යානුකූලව අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ අයිතිය බව ඛාන් දැනගත යුතු බවයි.
දෙවියන් කැමති නම්, එම ක්‍රියාවලිය යහපත් පරිසරයක් තුළ සුහදව සිදු කරනු ඇති බවත් ඉම්රාන් ඛාන් එම ක්‍රියාවලියේ කොටස්කරුවෙකු නොවන බවත් ඇය පවසා තිබේ.
අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා ඇත්තේ ඛාන් කරුණු දෙකක් සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාසයේ රජය සම්බන්ධ කර ගත් බවත් – ඉන් එකක් හමුදා ප්‍රධානියා පත් කිරීම බවත්ය. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා ඔහු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බව ඇය පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.