26 C
Colombo
Saturday, May 18, 2024

පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය-වෙරිටේ රිසර්ච්

- Advertisement -

පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට, දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට ත් වඩා වැඩි ප්‍රතිශතයක්, එනම් 53%ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

ඒ පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු කරන ලද සින්ඩිකේඩ් සර්වේස් සමීක්ෂණයකින් මේ බව අනාවරණය වූ බව සඳහන්.

වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සම්පාදනය කර ඇති Syndicated surveys නම් සමීක්ෂණ මෙවලම යටතේ මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

අදාළ සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් වෙත පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳව රටේ ප්‍රචලිත මත තුනක් ඉදිරිපත් කර ඇති අතර ඒවා අතරින් වඩාත් ම එකඟ වන මතය තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා.

එම මතයන් මෙසේ,

පළමු මතය ‘පාස්කු ප්‍රහාරය සිදු කරනු ලැබුවේ, අන්තරායකර විදේශ බලවේග සමග කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසිනි’ යන්න.

‘එය දේශීය දේශපාලන බලවේග සමග කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසින් සිදු කරන ලද්දක්’ බව දෙවන මතය වු අතර තුන් වන මතය වූයේ, ‘දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙක ම සමග කටයුතු කරන ලද ලාංකීය අන්තවාදීන් විසින් එය සිදු කර ලැබ ඇති’ බවයි.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව 53%ක් දේශීය දේශපාලන බලවේග මෙයට සම්බන්ධ බවට තම මතයන් ඉදිරිපත් කර ඇති අතර 30%ක් දෙවන පිළිතුර තෝරා ගෙන ඇති අතර 23%ක් තුන් වන පිළිතුර තෝරා ගත් බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරනවා.

ඔවුන් තවදුරට ත් සඳහන් කර ඇත්තේ, එය දේශීය දේශපාලන බලවේගවල මැදිහත්වීමකින් තොරව සිදු කරන ලද්දක් බව විශ්වාස කර ඇත්තේ, 8%ක් වන බව ත් 39%ක් වූ ඉහළ ප්‍රතිශතයක් සඳහන් කර තිබෙන්නේ තමන්ට මේ පිළිබඳව කිසිදු මතයක් නොමැති බව හෝ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...