25 C
Colombo
Tuesday, May 21, 2024

රෆා අක්‍රමණය කරනවා-ඊශ්‍රායල අගමැති

- Advertisement -

යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති හමුවකදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සංවිධානය පරාජය කිරීමට ඒ හැර වෙන ක්‍රමයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා බ්ලින්කන් ඇතුළු ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන්ට දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ.

රෆා නගරයේ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් හමාස් සංවිධානය පරාජ කිරීමට නොහැකි බවත් ඉන් ඊශ්‍රායලය ලෝකයෙන් තවත් කොන්වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලිනක්න් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පසුගියදා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර මෙම හමුව සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...