32 C
Colombo
Sunday, June 4, 2023

රාජපක්ෂ පවුලේ දේශපාලනය අවසන් වියහැකියි

- Advertisement -

ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

එසේ වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වියහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට අභයාරාමයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

“ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, ජනතාව පාරට බහින දවස දුර ඈතක නොවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි කියන එකයි අපෙ විශ්වාසය.

එවන් තැනකට මහ නොපාදා රට බාරගන්න, ජනතාව බාරගන්න, රට ගෙනියන්න කියන එකයි අපෙ ඉල්ලීම.

අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො ඉන්නකොට කිව්ව වචනයක් තමයි එක මනුස්සයෙකුට මේ රටේ බලය දෙන්න එපා, ඒක රටට විනාශයක් වෙන්න පුළුවන් කියන එක. මේ අද වෙලා තියෙන්නෙ ඒකයි. එක මනුස්සයෙක් කරා මේ බලය දීලා ඉවරවෙලා වෙන වෙන දේවල් අද කෙරෙන්නෙ. නමුත් අපි කියනවා විධායක බලයක් තියෙන ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා අපේ ගම්මන්පිල ඇමතිතුමා ඉන්ධන මිල ඉහළ දැම්මත් ‘මේ වෙලාවෙ කරන්න එපා, ජනතා අප්‍රසාදය අපට වැඩිවෙනවා ගම්මන්පිල’ කියලා කතාකරලා කියන්න. ඒකයි විධායක කියන්නෙ. එහෙම නැත්නම් ඒ විධායකකමෙන් ඇති වැඩකුත් නෑ”

RECENT ARTICLES - SINHALA

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...