27 C
Colombo
Friday, May 3, 2024

LTTE එක කඩපු රනිල්ට මේක කජ්ජක් ද..? – මිහින්තලා විහාරාධිපති හිමි

- Advertisement -

එල්.ටී.ටී.ඊ එක කඩා දැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩ නැගීම කජ්ජක් දැයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) පෙරවරුවේ ඓතිහාසික මිහින්තලා පුදබිමට පැමිණ ආගමික වතාවත්වල ද නිරතව ආශිර්වාද ලබා ගැනීම සඳහා විහාරාධිපති හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙහිදී පිළිගනවනු ලැබුවා

එහිදී අදහස් දැක්වු පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,

“ඔබතුමාට රට හදන්න අවශ්‍යතාවය තියෙනවා අපි දන්නවා මුල ඉඳලාම. ඔබතුමා සිරිමහ බෝධිය බඳාගෙන, රුවන්වැලිසෑය බඳාගෙන වන්දනා කරන්නේ නෑනේ. ගෞරවය තියෙනවා. ඉතිහාසය දන්නවා. අනෙකුත් දහම් දන්නවා. ඒවා තුලනය කරගෙන ජීවත් වෙන්නේ. ඒක නැති නිසානේ ඔබතුමාට රජ වෙන්න බැරි වුණේ. දන්නේ නෑ කියලානේ. ඔබතුමා ඇත්ත කියනවා නේ. අගමැතිකම ගත්ත ගමන් කිව්වානේ සල්ලි නෑ කියලා. හිටපු මහ බැංකු අධිපතිවරු කිව්වානේ සංචිත තියෙනවා කියලා. මොළ හතක් තියෙන අය කිව්වානේ බය වෙන්න දෙයක් නෑ කියලා. තමුන්නාන්සේ ඇවිල්ලා කිව්වා කරන්න දෙයක් නෑ මේ වගේ අසීරුකම් තියෙනවා කියලා. ඒක මිනිස්සු පිළිගත්තා. හැමවේලාවේම ඇත්ත කියන්න ඕනේ.

නිකන් නම් කන්න දෙන්න එපා. නිකන් කාපු ගමන් එනවා බැනර් එකක් අරගෙන. ඔය පාඩු ලබන ආයතන තියෙනවා නේ. IOC එක කෝටි ගණන් ලාභ ලබනවා කියලා පත්තරේ තියෙනවා. එතකොට සිපෙට්කෝ එක. අනිත් එක සංස්ථා ආයතනවල සභාපතිවරු ඉන්නවා හරියට. නිලලත් හොරු. ඒවා හදන්න ඔබතුමා. බැරි කමක් නෑ. එහෙම හදලා JR ජයවර්ධන ජනාධිපතිතුමා වගේ විශ්‍රාම දෙන්න. නාස්තිය, දුෂණය පටන් ගන්නේ ප්‍රාදේශීය සභාවෙන්. දැන් දේශපාලනඥයෝම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ අය කියනවා විසුරුවන්න කියලා. විසුරුවන්න මේ රටේ සල්ලි තියෙනවා ද? මොනවද මිනිස්සුන්ට තියෙන්නේ… කොච්චර සල්ලි යනවා ද? මේවා ඉවසන්න ඕනේ. දේශපාලනය දන්නේ නැති මිනිස්සු තමා එහෙම කතා කරන්නේ. මේ 225ම තමා එකතු කරගෙන කරන්න තියෙන්නේ. පිටසක්වලින් ගේන්න නැනේ. ඇමතිකම් ගත්තාට කමක් නෑ සුඛ විහරණය ඕනේ නෑ. පරාර්ථ චර්යාවෙන් වැඩකරන්න ඕනේ. ඉන්දියාවේ නම් මැති ඇමතිවරුන්ට කැබ් එකක් දීලා තියෙනවා. V8 දැක්කහම මිනිස්සුන්ට තරහා යනවා. එල්.ටී.ටී.ඊ එක කඩපු මනුස්සයා ට මේක කජ්ජක් ද?”

RECENT ARTICLES - SINHALA

මහවැලි ඉඩම්වල කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරන්න දෙන්නෙ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන්

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. රාජ්‍ය...

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...