26 C
Colombo
Sunday, May 19, 2024

හොරුන්ගේ ඡන්දෙන් ආපු රනිල් හොරු අල්ලන්නේ නැහැ – රන්ජන්

- Advertisement -

දූෂිතයන්ගේ ඡන්දයෙන් බලයට පත් වුණු රනිල් වික්‍රමසිංහ මහතාට දූෂිතයින්ට එරෙහිව කටයුතු කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා අද (02) මේ බව ප්‍රකාශ කළා.

ක්‍රිකට් ප්‍රශ්නයේදීත් ජනාධිපතිවරයා ජනතාවගේ පැත්ත නොගෙන දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටි බව රන්ජන් රාමනායක මහතා මෙහිදී සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා,

“අජිත් නිවාඩ් කබ්රාල්, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, මම කිව්වා ඔවුන් ඔක්කොම හොරු කියලා,උන් ඔක්කොම හොරු කිව්ව මනුස්සයව හිරේ දැම්මා…මට ප්‍රජා අයිතිය නැහැ අද. ජනතාව සමහර වෙලාවට කියනවා මම හොරු එක්ක යාලුයි කියලා. හොරු එක්ක යාලු නම් අවුරුද්දයි මාස හතක් හිරේ ඉන්නේ නැහැ. හිරේ යන්නෙත් නැහැ”

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...