සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් කොවිඩ්19 පරීක්ෂණ සම්පුර්ණයෙන් අතහැර දමා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක යළිත් වරක් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටියේ රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුකර ඇති බැවින් හඹාගොස් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.