27 C
Colombo
Wednesday, May 8, 2024

රේනෝ කොටස් වෙළඳපොළේ ලොකුම සමාගමේ කොටස් මිලට අරගෙන

- Advertisement -

ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ ද සිල්වා විසින් වෙළෙඳපොළ පෙරමුණේ රැඳී සිටින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 06ක් රුපියල් මිලියන 800ක මුදලකට මිලදී ගෙන තිබෙනවා.

එක්ස්පෝලංකා කොටස් මිලියන 6.3 ක් රුපියල් මිලියන 848.4 කට එහිදී ගනුදෙනු වී ඇති අතර, ඊයේ (22) කොළඹ කොටස් හුවමාරුවෙන් 44% ලෙසයි සටහන් වන්නේ.

ඉන් කොටස් මිලියන 06ක කොටස් රුපියල් 132.75 බැඟින් රෙනෝ ද සිල්වා මහතා මිලදී ගෙන තිබෙනවා.

ඔහුව සතුව මීට පෙර එක්ස්පෝ කොටස් මිලියන 04ක් තිබූ අතර ඊයේ (23) මිලදී ගැනීමත් සමඟ ඔහු සතු කොටස් ප්‍රමාණය මිලියන 10 දක්වා දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සම්පත් බැංකුවේ තුන්වන විශාලතම පෞද්ගලික කොටස් හිමියා ලෙස ඔහු විසින් රුපියල් බිලියන 2කට 3%ක කොටස් ලබා ගනිමින් ඔහුගේ කොටස් 9.4% දක්වා වැඩි කර ගැනීමට මේ වන විට සමත්ව තිබෙනවා.

මේ අනුව රේනෝ ද සිල්වා පසුගිය සතියේ සම්පත් බැංකුවේ 3% ක කොටස් රුපියල් බිලියන 02 ක් මිලදී ගත්තේ ඔහු සතු බැංකුවේ කොටස් ප්‍රමාණය 9.4% දක්වා වැඩි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...