28 C
Colombo
Thursday, May 2, 2024

පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනයට අවසර ඉල්ලයි

- Advertisement -

තෝරාගත් බෝග කිහිපයක් වෙනුවෙන් පළිබෝධනාශක ගෙන්වීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා සිටි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

වසංගත තත්වයක් වැනි අවස්ථාවක භාවිත කිරීම සඳහා පළිබෝධනාශක, දිලීර නාශකවලින් ඉතාම සුළු ප්‍රමාණයක් මෙලෙස ආනයනය කිරීමටට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ නමුත් මෙම පළිබෝධනාශක සහ දිලීර නාශක විවෘත වෙළෙඳපොළට ලබාදීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු පවසනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අල සඳහා හැදෙන රෝග තියෙනවා. ළූණු සඳහා හැදෙන ඒවා තියෙනවා. ඒවට අපිට කාබනික වශයෙන් වෙන විසඳුම් නෑ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා අපිට අවස්ථාවක් දෙන්න අපි හඳුනාගත්ත, ආනයනය කරන ලද පළිබෝධනාශක, දිලීර නාශකවලින් ඉතාම සුළු ප්‍රමාණයක් ගෙනල්ලා දෙපාර්තමේන්තුව සතුව තියා ගන්න. අපි උදාහරණයක් විදියට ගත්තොත් නුවරඑළියේ, ඩිපාට්මන්ට් එකේ එ AI මහත්තයා සහතික කරනවා අපි එතැන නිර්දේශය අනුව අපි පළිබෝධනාශකය දෙනවා. එතකොට ඒක ඉනෝගනික් කලාපයක් විදියට අපි නම් කරනවා. මොකද එහෙම නැත්නම් අපිට අපනයනය වෙළෙඳ පොළට එහෙම කරන ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා.

ඒ නිසා, මේක විවෘත වෙළෙඳපොළට අපි දෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාම පොඩි ප්‍රමාණයක් ගෙනල්ලා අපි ළඟ තියා ගන්න. අපි වසංගතයක් එවැනි දෙයක් ඇති වුණ වෙලාවක භාවිත කිරීම සඳහා තමයි අපි ඒක හදන්නේ. ඒකත් අපි ගෙන්වන්නේ මේ පළිබෝධනාශක, දිලීර නාශක වර්ග 4ක් තියෙනවා තුන හා හතර වර්ගයේ තියෙන දිලීර නාශක හා පළිබෝධනාශක කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමුකරලා තියෙනවා. ඒ පිළිබඳ අපි ලැයිස්තුවක් හදනවා.”

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...