32 C
Colombo
Wednesday, May 15, 2024

රුසියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන අමෙරිකාවෙන් හෙළිදරව්වක්

- Advertisement -

මාර්තු මාසයේදී රුසියාවේ මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව අමෙරිකාව පවසනවා.

මොස්කව් හි ඊයේ (22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා.

කෙසේවෙතත්, මොස්කව් ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව හෝ සංදර්ශන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙම මස මුලදී රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, එය අමෙරිකාව වෙනත් අරමුණකින් සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස පවසමින් රුසියාව ඒ පිළිබඳව තැකීමක් සිදුනොකළ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයක අවදානම සම්බන්ධයෙන් අමෙරිකානු රජය රුසියාවේ රැඳීසිටින අමෙරිකානු ජාතිකයින්ට ද මීට පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. පරිසර...

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී ලාංකික සෙබළුන් 16 ක් මිය ගිහින්

රුසියානු යුක්‍රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 16 දෙනෙකු මියගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි...

දකුණු ආසියාවේ අලුත්ම නීති තියෙන්නේ ලංකාවෙ – ජනපති

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...