27.8 C
Colombo
Friday, April 26, 2024

මගේ ඉල්ලා අස්වීමේ ලිපිය රිවස් කරන්න – භානුක රාජපක්ෂ

- Advertisement -

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා ක්‍රිකට් ආයතනයට ලිපියක් යැවූ භානුක රාජපක්ෂ මේ වනවිට තවත් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා යොමු කළ පළමු ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

මීට සතියකට පමණ පෙර භානුක රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කළා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් බලධාරීන් හඳුන්වා දී ඇති නව සංශෝධන සඳහා සිය විරෝධය පළ කරමින් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව එහිදී වාර්තා වුණා.
වාර්තා වනවා.

ලිපිය මගින් ඔහු දන්වා තිබුණේ නව සංශෝධන හේතුවෙන් දක්ෂයන්ට අවස්ථාව අහිමි වන බවයි.

කෙසේ වෙතත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ භානුක රාජපක්ෂ පවුලේ වගකීම් හේතුවෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...