29 C
Colombo
Saturday, May 4, 2024

අගමැති පුතු LPL ගැන කතා කරයි

- Advertisement -

මෙවර LPL ක්‍රිකට් තරඟාවලියේදී තමන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

දඹුල කණ්ඩායම විසින් අගමැති පුතුද ඊයේ (30) දින පැවති පුහුණු තරඟයකට සහභාගීව සිටින අයුරු දැක්වෙන ඡායාරූප පලකිරීමත් සමඟ ඒ සම්බන්ධව ක්‍රීඩාලෝලීන් අතර දැඩි කතාබහක් ඇති විය.

ඒ සම්බන්ධයෙන් ගුවන් විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ තමන් ඊයේ දිනයේදී පුහුණු තරඟයකට ක්‍රීඩා නොකළ බවයි.

කෙසේ නමුත්, මෙවර එල් පී එල් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය නිර්මාණය කිරීමට තමන් සම්බන්ධ වී සිටින බවත්, ඒ අනුව එම තේමා ගීතයට අදාළ රූප රචන කටයුතු පමණක් ඊයේ දිනයේදී සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...