මේ වසරේ ගත වූ කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලර් සාපේක්ෂව 24.2%කින් අතිප්‍රමාණ වී තිබෙනවා.
ඊයේ (02) දින දක්වා රුපියලේ හැසිරීම සම්බන්ධව මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 30 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 19.4කින් අතිප්‍රමාණ වී ඇති බවයි සඳහන් වන්නේ.
තවද යුරෝවලට සාපේක්ෂව සියයට 23 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 23.5 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.