32 C
Colombo
Saturday, May 4, 2024

කිසිම පාලනයකින් තොරවයි රුපියල පා කළේ – මහ බැංකු අධිපති

- Advertisement -

පසුගිය මාර්තු මාසයේ දී මහ බැංකුව විසින් රුපියල පා කළේ කිසිඳු පාලනයකින් තොරව බව මහ බැංකු අධිපති ආචාර්යනන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (15) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති පශ්චාත් අයවැය සමාලෝචන සම්මන්ත්‍රණයකදීයි.

එහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, “පසුගිය කාලය තුල රට ආර්ථික අර්බුධයකට යොමුවෙන බව පැහැදිළි වෙලා තිබුණේ. මේ අවුරුද්ද වෙනකොට මුල ඉඳන්ම ණය ගෙවීමේ හැකියාව අඩුවෙලා, අස්ථාවර, සස්ටේනබල් නැති තත්ත්වයකට පත් වුණු දේවල් හැමෝම දන්න කරුණක්. අපි ණය දීපු පාර්ශවය ඒ වෙලාවේ ඉඳන් වෙලාවේ හිටියේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලෑස්ති වෙලා. ණය කමිටුව ලැහැස්ති කරගෙන සුදානමක් තිබුණා. ඒක අපි මේක නිවේදනය කරලත් තිබුණා. අපේ සංචිත අඩු වීගෙන යන වෙලාවේ ජනවාරි මාසයේ අපේ ස්වෛරීත්ව බැඳුම්කර මිලියන 500ක් ගෙවන කොට අපේ සංචිත තිබ්බේ අඩුවෙන් සහ තවත් ඉස්සරහට නොලැබෙන තත්ත්වයක. රේටින් අඩු වුණා අපේ ණය දීපු අය සුදානම්ව හිටියේ පැහැදිලිවම ඒ අය දැනගෙන හිටියා ණය ගෙවන්න හැකියාවක් නොමැති බව. ඒ අනුව ණය ගෙවීමට හැකියාවක් නොමැතිව තියෙනකොට මහ බැංකුවෙන් 203ට රුපියලේ අගය පවත්වාගෙන ගිය. තියෙන සංචිතවලින් ණය ගෙවන්න සහ පෙට්‍රල් ඩීසල්වලට වියදම් කළා. එහෙමත් බැරි බව තේරුණාම තමයි මාර්තු මාසයේ පළවෙනි පියවර ගත්තේ රුපියල පා කරලා ඇරලා කිසිම කොන්ට්‍රෝල් එකක් නැතිව. මුදල් මණ්ඩලයේ අනුමැතිය නැතුව රුපියල පා කරා. එතැනින් තමයි එක පාරටම 203 ඉඳලා 365, 380 යනකං ගියා”.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...