මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද (23) පෙරවරුවේ කළුතර දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමට ලක්වීම හේතුවෙනි.
මේ අනුව කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.