32 C
Colombo
Sunday, May 5, 2024

සමෘද්ධි බැංකු නිලධාරිනියට වැඩ වරදියි

- Advertisement -

ගනුදෙනුකරුවන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ අකුරැස්ස සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය ඇතුළු එහි නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇතැයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කියා සිටියා.

මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ගිය විමර්ශන කණ්ඩායමේ වාර්තාව ඊයේ තමන්ට ලැබුණු බව අධ්‍යක්ෂ ජනාරාල්වරයා සඳහන් කළා.

එහි ඇතුළත් නිර්දේශ පිළිබඳව අවධානය යොමු කර ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව කොටස් එකතු කර සකස් කර ඇතැයි විමර්ශන කණ්ඩායමට දැන ගැනීමට ලැබී තිබෙන බවද බන්දුල තිලකසිරි මහතා සඳහන් කළා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කියා සිටියේ අකුරැස්ස සමෘද්ධි බැංකුවේ දින තුනකදී වීඩියෝගත කළ දර්ශන එකතු කර තනි වීඩියෝවක් ලෙස සකසා එය මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...