විපක්ෂ නායකගේ කතාවට බාධා කරමින් හැසිරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවා තිබෙනවා.
කථානායකවරයා පවසා ඇත්තේ ඊයේ (21) දින සභාවේ සිදුවු සිදුවීම තමා බරපතළ ලෙස හෙළා දකින බවයි.
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
මෙම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණා
එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය අසුනෙන් නැඟිට විත් සජිත් ප්‍රේමදාස මහතාගේ මයික්‍රොෆෝනය උදුරා ගෙන කෑ ගැසමින් හැසිරෙන අයුරුද දක්නට ලැබුණා.