28 C
Colombo
Thursday, May 2, 2024

පාකිස්තානයට ණය දීම සෞදි රජයත් ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන තුරු පාකිස්තනයට තවදුරටත් ණය ආධාර ලබා දීම සෞදි අරාබිය ප්‍රතික්ෂේපක කළ බව ‘මිඩ්ල් ඊස්ට් අයි’ වාර්තා කර ඇත.

ඉදිරි වසර තුනහමාර තුළ ඩොලර් බිලියන 80 කට ආසන්න ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා පාකිස්තානයට තිරසාර විදේශ විනිමය ගලා ඒමේ දැඩි අවශ්‍යතාවක් පවතී. මේ වන විට එරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3 ක් පමණකි.

පකිස්ථානයට තවදුරටත් ණය සහනයක් හෝ පොලී රහිත ණයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට සෞදි අරාබිය ගත් තීරණය ඉස්ලාමාබාද්හි රජය කම්පනයට පත් කර ඇති අතර මිත්‍ර රටවල් පවා පකිස්ථානයට එහි ආර්ථික හදිසි අවස්ථාවෙන් උදව් කිරීමට උනන්දු නොවන බව මිඩ්ල් ඊස්ට් අයි වාර්තා කර තිබේ.

මීට පෙර සෞදි අරාබිය සහ අනෙකුත් ගල්ෆ් රටවල්, විදේශ අමාත්‍යවරයාගේ හෝ අගමැතිවරයාගේ දුරකථන ඇමතුමකින් පකිස්තානයට ණය ලබාදී ඇත.

මෑත සංචාරයකදී පාකිස්තාන හමුදා ප්‍රධානියාට පවා සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට සිය රට සඳහා හදිසි අරමුදල් මුදා හැරීමට ඒත්තු ගැන්වීමට නොහැකි වූ බව විශ්වාස කෙරේ.

ජනවාරි මාසයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවේදී සෞදි මුදල් ඇමතිවරයා රාජධානියේ නව ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ බව මිඩ්ල් ඊස්ට් අයි වාර්තා කළේය.

මේ අතර, පකිස්ථානයේ උද්ධමන අනුපාතය ඉදිරි මාසවලදී සියයට 33 දක්වා ඉහළ යනු ඇති අතර, පසුගිය මාස 12 තුළ රටේ මුදල් ඒකකය සියයට 65කින් පමණ අවප්‍රමාණය වී ඇත.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...