සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය විසින් පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණය සමඟයි.
මෙලෙස මිල ගණන් අඩු කිරීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය ගත් බවයි එම සංගමය පවසන්නේ.
ඔවුන් සඳහන් කරන්නේ ගාස්තු අඩු කරන ප්‍රතිශතය තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.
මේ අතර පසුගිය 30 වනදා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කළා.