27 C
Colombo
Wednesday, April 23, 2025

මන්නාරමේ ආරක්ෂාව තර කරලා

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා නයන වාසුල එදිරිසූරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කර තිබෙන බවට වාර්තා වනවා.

මෙම සැකකරුවන් රටින් පලායාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැනුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදිසි කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම අලුතින් පිහිටුවා තිබෙන බව පැවසෙනවා

ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටු වල ධීවර හැදුනුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබදව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීදිසියකින් සිටින බවද වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES