26 C
Colombo
Friday, May 17, 2024

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

- Advertisement -

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර ඇත්තේ, වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට අපෙක්ෂා කරන බවට පමණක් බව වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ මහතා පවසනවා.

රොෂාන් රාජදොරේ මහතා අප කල විමසුමකට පිළිතුරු දෙමින් අද (02) කියා සිටියේ, වතු කම්කරුවන්ට රුපියල් 1700 දක්වා වැටුප් වැඩි කිරිමට අපෙක්ෂා කිරිම සම්බන්ධයෙන් විරෝධතා වෙතොත් එම විරෝධතා තම අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලෙසට එම ගැසට් පත්‍රයේ සදහන් කර ඇති බවයි.

නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා මේ වන විට රුපියල් 1500 පමණ පිරිවැයක් දරමින් වතු කම්කරුවෙකුට දෛනික රුපියල් 1000 වැටුපක් ගෙවන බව ඔහු කියා සිටියා.

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමිම සම්බන්ධයෙන් වතු සමාගම් විරුද්ධ නොවන බවත්, නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා අධික පිරිවැයක් දැරිමට සිදුවිම හමුවේ රජය වතු කම්කරුවන්ට අපෙක්ෂා කරන වැටුප ගෙවිම අසිරු බවයි රොෂාන් රාජදොරේ මහතා සදහන් කළේ.

මේ දිනවල රු 1500 පිරිවැයක් දරා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කිලෝවක් රු 1100 වැනි මිලකට අලෙවි වන බවත්, තේ මිල ඉහල ගියහොත් වතු කම්කරුවන්ට ගෙවිමට රජය අපෙක්ෂා කරන වැටුප පිලිබදව වතු සමාගම් වලට සලකා බැලිමට හැකියාව ඇති බවත් ඔහු පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටළු සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවත්, එම සාකච්ඡා වලට විසදුම් නොලදහොත් සියලුම වතු සමාගම් සමග සාකච්ඡා කර එම සාකච්ඡාවෙන් ඇති කර ගන්නා එකගතාවය මත වතු හාම්පුතුන්ගේ සංගමය එම ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ පිහිටි පැතිමට අපෙක්ෂා කරන බවයි.

මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති වැටුප වතු සමාගම් විසින් ගෙවන බවට වතු කම්කරුවන් අපෙක්ෂාවෙන් සිටියද එම වැටුප ගෙවිමට කිසිසෙත් වතු සමාගම් වලට නොහැකි බවයි රොෂාන් රාජදොරේ මහතා සදහන් කළේ.


RECENT ARTICLES - SINHALA

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

අගමැති හා මැතිවරණ කොමිසම අතර හමුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී...

ඕනම කෙනෙක් එක්ක සාකාච්ඡා කරන්න මම සුදානම්-ජනපති

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...