26 C
Colombo
Saturday, May 18, 2024

අලි සබ්රි රහීම්ට මන්ත්‍රී ධූරය අහිමි වන ලකුණු ?

- Advertisement -

කටුනායක ගුවන්තොටුපල හරහා නීති විරෝධී ආකාරයට රත්රන් සහ ජංගම දුරකතන තොගයක් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් නෙරපීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද(26) පැවති පක්ෂ නායක හමුවේ දී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කිරීම මත මෙම මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට සාකච්ඡා වී තිබෙනවා.

මන්ත්‍රීවරයා නෙරපා හැරිය යුතු බවට හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළ බව වාර්තා වෙනවා.

රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ නායකයන් එකඟ වී තිබෙන බවට වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...