31 C
Colombo
Saturday, May 18, 2024

බිත්තර මිල ළඟදීම ඉහළ යන ලකුණු

- Advertisement -

බිත්තර සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිලෙහි සශෝධනයක් ඉදිරි සතියේ දී සිදුවනු ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

බිත්තර නිෂ්පාදන වියදම හා සැසදීමේදී රජය පනවා ඇති උපරිම සිල්ලර මිල අසාධාරණ බවයි එහි භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් කළේ.

ඒ අනුව, බිත්තර මිල ඉහළ යා හැකි බවටයි ඔහු කරුණු හඟවා සිටින්නේ.

මේ අතර, මේ වසරේ ගත වූ කාල සීමාව තුළ පුද්ගලයින් 230,000කට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඉන් වැඩි පිරිසක් මැද පෙරදිග රටවල් කරා ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී. එස්. යාපා පවසන්නේ.

ජපානයේ ද රැකියා අවස්ථා රැසක් මේ වන විට මෙරට ශ්‍රමිකයින්ට ලැබී ඇති බව ද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...