බුදුරජාණන් වහන්සේ යනු සිංහල බෞද්ධයෙක් නොවන බවත්, මේ වන විට මෙරට සිංහල බෞද්ධ ලෙසින් වෙනම ආගමක් සාදාගෙන සිටින බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ සිංහල බෞද්ධයන් ලෙස හැදින්වෙන මෙම කොට්ඨාශය මෝඩයන් ලෙසට ක්‍රියාකරන බවයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ විහිළු කිරීම තුළින් සිත් රිදවීම යන කාරණය අත්අඩංගුවට පත්වීමට හේතුසාධක නොවන බවයි.
බෞද්ධාගමට හානි කිරීමට කටයුතු කරනුයේ බෞද්ධාගමිකයන්ම බවත්, මේ දිනවල ඩෑන් ප්‍රියසාද් නම් කට්ටඩියෙක් එය හොදින්ම ඉටුකරන බවත් ඔහු පෙන්වා දෙනවා.
ඊට අදාළ දර්ශන පහතින්,