32 C
Colombo
Monday, May 6, 2024

ගල්ෆ් කලාපයේ රටවල් හයකට ශ්‍රී ලංකාවට පැමිණීම තාවකාලිකව තහනම්

- Advertisement -

කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඕමානය, බහරේන් සහ කුවේට් යන රටවලින් මගීන් ගෙන්වීම් තාවකාලිකව තහනම් කිරීමට කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ (28) මෙම තීරණයට එළැඹ ඇති අතර මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය ද දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලදී.

මෙම පියවර ගල්ෆ් කලාපයෙන් ආපසු පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුට බලපානු ලබන අතර ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ද බලපා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව 2021 ජූලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් හයේ මගීන්ට ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට අවසර නොදෙන බව සඳහන් ය. 2021 ජූලි 13 වන දක්වා මෙම තහනම ක්‍රියාත්මක වේ.

ගල්ෆ් කලාපයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අය අතර කොවිඩ්-19 ආසාදිතයින් 100 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...