26 C
Colombo
Saturday, May 18, 2024

පොහොට්ටු මන්ත්‍රීවරුන් රනිල්ට දුක කියයි

- Advertisement -

පසුගිය වසරේ පැවැති අරගලයේ දී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටුව නොමැති බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර තිබෙනවා.

අවසන් වරට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ආපදාවට ලක්වූ මැති ඇමතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන්ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇති බවයි.

අදාල නඩුව ඉවත් කරගැනීමේ දී සිද්ධිය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් කරන බවට පොලීසිය සහතිකයක් ලබාදුන්නද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොමැති බව එම මන්ත්‍රීවරුන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

වැරදි කළ පුද්ගලයන්ට ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් තමන් තුළ බලවත් කණගාටුවක් ඇති බවද එම මන්ත්‍රීවරුන් මෙම රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...