හොද්දට ලුණු වැඩි වුණා කියා හෝ බත බෙරි වුණා කියා නෝනාව දික්කසාද කරන්න හැකියාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
අද (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
එවැනි සුළු ගැටලුවකට දික්කසාද කළහොත් බඳින්නේ කවුද කියා විමසූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයවැය සඳහා ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.
එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් ඇසීමට නියමිත කාලය තුළදී ප්රශ්නය ඇසීම නොකර වෙනත් වල්පල් කියවමින් සිටින බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.