“සිඳු” ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පෙවූ කවීශ් විහඟ පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.
කවීශ් විහඟ, 5 හැවිරිදි වියේදී “සිඳු” ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දිනා ගැනීමට සමත් වුණා.
එලෙස සාමණේර චරිතයට පණ පෙවූ පුංචි කවීශ් අද (19) උදෑසන මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී සසුන් ගත වී තිබෙනවා.
ඒ, පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමින්.
මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ද එලෙස පැවිදි දිවියට එළඹීමට හේතුවක් වන්නට ඇති බවද සඳහන්.