29 C
Colombo
Saturday, May 4, 2024

‘ඇඹුල් කෙසෙල් ඩොලර්’ ලඟඳීම ලංකාවට

- Advertisement -

ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP) විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri – Demonstration Park වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200ක වගා කර තිබෙන බවත් අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙද පොලට අපනයනය කරනු ලබන ඇඹුල් කෙසෙල් තොගය වශයෙන් අඩි 40 කන්ටේරයක ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොලට අපනයනය කිරීම සිදු කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...