කාර්යාල දුම්රිය 10ක් පමණක් අද (15) දිනයේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පාළු ස්වභාවයක් ගෙන ඇති අතර එහි ආරක්ෂාව තර ඇති බවද වාර්තා වනවා.
මේ අතර දුම්රිය සේවය අඛණ්ඩ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) රාත්‍රියේ නිවේදනය කළා.
එම නිවේදනයට අනුව කාර්යාලීය දුම්රිය 13ක් අද (15) උදෑසන ධාවනය කිරීමට නියමිතයි.
අවිසාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අළුත්ගම සහ දකුණු කළුතර සිට කොළඹ දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද (15) ක්‍රියාත්මක කළ හැක්කේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බවයි.