27 C
Colombo
Sunday, May 19, 2024

මහබැංකු අධිපති වැඩ අරඹයි – උණ්ඩියල් සහ හවාලා මගඩියට තහනමක්

- Advertisement -

බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවරයන් කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ, ඊයේ (29) දින මාධ්‍ය අමතමින්.

බැංකු ක්‍රමයට පිටතින් උණ්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ සිදුවන විදේශ විනිමය හුවමාරු සම්බන්ධව යම් තීරණ ගත යුතු බවයි ඔහු පවසන්නේ.

බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමත් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවත් එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බවත් මහ බැංකු අධිපතිවරයා පවසනවා.

“භාණ්ඩ ආනයනය කරන අය සහ විදෙස් මුදල් මෙරටට එවන අය එය බැංකු පද්ධතිය හරහා කරන්න. එවිට බැංකු පද්ධතියට ඩොලර් ලැබෙනවා. එවිට එය ආර්ථිකයට හොඳයි.” යැයි ඔහු පවසනවා.

එමෙන්ම, රටේ ආර්ථික අර්බුදය යම් මට්ටමකට විසඳාගන්නා තෙක් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දීය රජය එකඟ වූ බවත් ඔහු සඳහන් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...