25 C
Colombo
Sunday, May 19, 2024

කෝපාවේදී ගොලු වුණ ක්‍රීඩා ලොක්කෝ

- Advertisement -

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් කිසිදු සූදානමකින් තොරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණීම පිළිබඳ එම කමිටුව දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි නිලධාරීන් ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා තිබුණා.

මෙහි දී විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමසීමේ දී ඒ පිළිබඳ පිළිතුරු ලබාදීමට පැමිණි නිලධාරීන් අපොහොසත් වී ඇති අතර, විශේෂයෙන්ම රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසීමට කැඳවූ අවස්ථාවේ කිසිදු සූදානමකින් තොරව නිලධාරීන් කාරක සභාවට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව සභාපතිවරයා සඳහන් කර සිටියා.

නිලධාරීන් ලබාදෙන පිළිතුරු අනුව ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලසුමක් නොමැති බවත් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර නොමැති බවත් පැහැදිලි වන බව කෝපා කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දී තිබුණා.

මේ හේතුවෙන් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කනගාටු දායක තත්ත්වයක් ඇති විය හැකි බවද ඔවුන් සඳහන් කර තිබෙන අතර කමිටුව හමුවට පැමිණි නිලධාරීන්ගෙන් ඔලිම්පික් තරගාවලියේ පවතින තරග සංඛ්‍යාව පිළිබඳ විමසා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලබාදීමට ඔවුන් අපොහොසත්වු බවට වාර්තා වනවා.

එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල ඇති තරග ඉසව් සහ ශ්‍රී ලංකාව එම තරගාවලිවල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳවද පැමිණ සිටි නිලධාරීන්ට පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකි වී තිබෙනවා.

එසේම මෙහිදී මෙරට ජාතික වාර්තා පිහිටුවන ලද ක්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද යන්න හා ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රීඩා සහ පසුගිය වසර 05 තුළ එම ක්‍රීඩාවලින් තබා ඇති වාර්තා පිළිබඳව ද කෝපා කමිටුව විමසා සිටිද ඒ සඳහාද නිශ්චිත පිළිතුරක් ලබාදීමට නිලධාරීන් අපොහොසත්වු බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා සභාව මගින් ඉටුවන කාර්යයන් පිළිබඳවෙද නිලධාරීන්ට අවබෝධයක් නොමැති බව පෙනී ගොස් තිබුණා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙලෙස කිසිදු සූදානමකින් තොරව කමිටුවට හමුවට පැමිණීම හේතුවෙන් කමිටුවේ කටයුතු අතරමඟ නතර කිරීමට කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පියවර ගෙන තිබෙනවා.

කෝපා කමිටුවේ මෙවැනි සිදුවීමක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැති බව පෙන්වා දුන් සභාපතිවරයා, එම නිලධාරීන් යළි ලබන ඔක්තෝබර් 20 වැනිදා ගිණුම් පිළිබඳ කාරක සභාවට හමුවට කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...