ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සහ දේශපාලන මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන්වූ සාකච්ඡාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සංවිධානත්වයෙන් ඊයේ (25) ගම්පහදී පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.
මැයි දින රැලියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයන් සහභාගි වන බවත් දුෂ්මන්ත මිත්‍රපාල මහතා සදහන් කළා.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අත්තනගල්ල ආසන සංවිධායක ඉන්දික රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු පිරිසක් එක්ව සිටි බවට වාර්තා වනවා.