33 C
Colombo
Sunday, May 5, 2024

අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි – දයාසිරි

- Advertisement -

අසූචි නැවකට වන්දි ගෙවූ ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, පෙරේදා (17) දින මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“සතයකවත් පොහොර බිඳක්වත් අපට ලැබෙන්නෙත් නැතුව කොහෙවත් යන අසූචි නැවකට අපට සල්ලි ගෙවන්න වෙලා, මේ රටේ ජනතාවට. ඒ සල්ලි ලංකාවෙ ජනතාවගේ සල්ලි. කාගෙවත් මේ පුද්ගලිකව ගෙදරින් ගෙනල්ලා දෙන ඒවා නෙවෙයිනෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට වගකීම දරණ අයගෙන් ඒ ඩොලර් මිලියන 6.7 අය කරගන්න ඕනෙ. මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ බර පටවන්න ඕනෙ නෑ, මොකද හේතුව මේවා ජනතාවගේ වැරදි නෙවෙයි. මේවා මේ පාලකයෝ සමහර කට්ටිය කරන වැරදිවල ප්‍රතිඵල.

හැබැයි කොහොමද මේ තුන්වෙනි පරීක්ෂාවට ලක්කරනවා කිව්වෙ ? අපේ මහින්දානන්ද ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ඒවා අපි එකක්වත් බාන්නෙත් නෑ, ඒගොල්ලොන්ට සල්ලි දෙන්නෙත් නෑ, ඒගොල්ලොන්ට ආපහු යන්න කියනවා කියලා. හැබැයි දැන් එතුමා කියනවා ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙනවා කියලා.

ඉතිං මං දන්නෑ මොකක්ද මේකෙ තියෙන ….. ඉතිං පොහොර දැකපුත් නැති, පොහොර පාවිච්චි කරපුත් නැති අයට පොහොර නැවකට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. මං හිතන්නෙ ලෝකෙ අසූචි නැවකට වන්දි ගෙවපු එකම රට ලංකාව”

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...