29 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකා දුර පැනීමේ සහ තුන්පිම්ම ජාතික ශූරයා ස්විට්සර්ලන්තයේදී අතුරුදන්

- Advertisement -

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා ඉසව්වකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ තුන්පිම්ම (පිරිමි) ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන, දුර පැනීමේ ජාතික ශූරයා ද වන ග්‍රේෂන් ධනංජය බවයි සඳහන් වන්නේ.

ග්‍රේෂන් ධනංජය ජිනීවා නුවර පැවැත්වෙන මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පෞද්ගලික ආරාධනයක් මත ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන අතර ඔහු සමඟ දුර පැනීමේ ශූරී සාරංගි ද සිල්වා සහ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු Y. K. කුලරත්න ද එක්ව සිට තිබෙනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (SLA) ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙම සංචාරය පෞද්ගලික ආරාධනයක් හරහා සංවිධානය කර ඇති බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ක්‍රීඩකයාගේ වගකීම භාරගත නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...