ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් එලෙස ගෙවා තිබෙනවා.
පසුගිය මාසයේදී පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණා.
ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට නියමිත බවද සඳහන්.