කොවිඩ් වසංගතය හමුවේ ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල මෙරට තුළම නිෂ්පාදනය කරන බැවින් එම මුඛ ආවාරණ ආනයනය නැවැත්වීමට ද තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා ඇත.
ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී නොවැම්බර් 19 දින පැවැති රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත. අදාල රැස්වීම සදහා මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ශල්‍ය මුහුණු ආවරණයක් රුපියල් 15ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවකට පැමිණ ඇත.
චීනයෙන් සහ වෙනත් රටවල් කිහිපයකින් මේ වන විට ආනායනය කරන ලද ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ දිනකට රටතුළ භාවිතයට ගැනෙන බවත් KN95 වර්ගයේ මුව ආවරණ ඉදිරි සති තුළ මෙරටදී නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බවත් ජයසුමන මහතා පවසා ඇත.