මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් තිබෙනවා.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (05) පිටත්ව ගිය බවට වාර්තා වෙනවා.
එම කණ්ඩායමට මුතුරාජා හස්තියාට දෙහිවල සත්වෝද්‍යානයේදී ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුළත්මුදලි මහතා ඇතුළත් වූ බව සඳහන්.
තායිලන්ත රජයෙන් කළ ආරාධනාවකට අනුව එම කණ්ඩායම පිටත් කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළා.